විකිරණ වලාවක් යුරෝපය පුරා
යුරෝපා රටවල් පුරා 2017 වසරේ විකිරණ වලාවක් පැතිර ගිය අතර, ඒ ගැන සොයා බැලූ ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායමක් මේ වනවිට අනාවරණය කර ගෙන ඇත්තේ එම වලාව රුසියාවේ සිට ආ එකක් බවය.
රුසියාවෙන් ඈතට යද්දී මෙම විකිරණ වලාවෙන් කිසිවකුටවත් අනතුරක් සිදු නොවිණි. කෙසේ නමුත් ඊට හේතුව කුමක්දැයි සොයා බැලීමේ අරමුණින් පර්යේෂණ කටයුතු දිගටම සිදු කෙරුණි.
විකිරණ වලාව රුසියාවේ කිනම් ස්ථානයකින් නිකුත් වූයේ ද යන්න සෙවීමට වැඩි දුර පරීක්ෂණ කටයුතු සිදු කරන බව ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායම වැඩිදුරටත් කියා සිටී.
(රොයිටර්ස්)