වසර දෙකට අයි.එස්. ත්‍රස්තයන් පනස් දහසක මිය ගිහින්



ගතවූ වසර දෙකක කාලය තුළ අයි.එස් ත්‍රස්තවාදීන් 50,000ක් පමණ මියගොස් ඇති බව අමෙරිකානු ආරක්ෂක අංශ පවසයි.

අමෙරිකාව ප්‍රමුඛ සන්ධානය විසින් ඉරාකයේ සහ සිරියාවේ සිදු කළ මෙහෙයුම්වලින් එම ත්‍රස්තවාදීන් මියගොස් ඇති බව එම ආරක්ෂක අංහ අනාවරණය කර ඇත.

මෙලෙස අයි එස් සටන්කාමීන් විශාල පිරිසක් මිය ගියද තවදුරටත් රුසියාව, තුර්කිය, ඉරාකය, සිරියාව සහ කුර්දිස් හමුදාව මෙන්ම අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය අයි.එස් ත්‍රස්තවාදීන්ට එරෙහිව ප්‍රහාර එල්ල කරමින් සිටියි.තවත් සටන්කාමීන් 25000 කට වැඩි පිරිසක් සිරියාවේ හා ඉරාකයේ සිටින බවය.

2014 වසරෙන් පසු අයි.එස් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පැවැති විශාල භූමි ප්‍රමාණයක් ඔවුන්ගෙන් ගිළිහී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

( තිළිණි ද සිල්වා )

අල් ජසීරා ඇසුරෙනි.....


RECOMMEND POSTS