වයිරසය පැතිරුණේ සත්ව වෙළෙඳපොළෙන් නොවේ



‘කොවිඞ් 19’ වයිරසය ආරම්භ වූයේ වූහාන් නුවර සත්ව හා මත්ස්‍ය ගොවිපොලෙන් නොව, වූහාන් නුවර පිහිටා ඇති චීන රජයේ වයිරස රසායනාගාරයෙන් යැයි චීනය පිළිබඳ හසල දැනුමක් ඇති  ඕස්ටේ‍්‍රලියානු මහාචාර්යවරයකු පවසයි.

‘කොවිඞ් 19’ වයිරසය චීනයේ වූහාන් නුවර වයිරස රසායනාගාරයේ දී නිර්මාණය කළ එකක් බවත්, එය හිතාමතා හෝ අත්වැරදීමක් හෝ සමාජයට මුදා හැරෙන්න ඇති බවත් ඇමෙරිකන් පමණක් නොව,  ඕස්ටේ‍්‍රලියානු බුද්ධි අංශ නිකුත් කළ වාර්තාව පවා සඳහන් වෙයි.

මෙම බුද්ධි වාර්තා නිවැරදි බව මහාචාර්ය ක්ලයිව් හැමිල්ටන් පවසයි. මහාචාර්යවරයා මෙසේ කියා සිටියේ, ස්කයි නිවුස් පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡුාවකට එක් වෙමිනි.

කෙසේ නමුත් චීනය හෝ වූහාන් රසායනාගාරය වයිරසය හිතාමතා සමාජයට මුදා හැරීමක් කළා යැයි තමන් විශ්වාස නොකරන බව ද මහාචාර්යවරයා වැඩිදුරටත් පවසා ඇත. ඔහු පවසන්නේ, වයිරසය ආසාදනය වූ පළමු රෝගියා (පේෂන්ට් සීරෝ* වූහාන් රසායනාගාරයේ සේවය කළ අයකු විය හැකි බවය.

මෙම රසායනාගාරය පිහිට ඇත්තේ වයිරසයේ ආරම්භය සිදුවුණැයි සැක කෙරෙන සත්ව සහ මත්ස්‍ය වෙළෙඳපොළේ සිට සැතපුම් 8 ක් දුරිනි. චීන සෞඛ්‍ය බලධාරීනක් විසින් සිදු කරනු ලැබූ නවතම වාර්තාවක සඳහන් වන්නේ, වූහාන් සත්ව සහ මත්ස්‍ය වෙළෙඳපොළේ වවුලන් විකිණීමට නොතිබුණු බවය.
කොරෝනා වයිරස යනු සතුන්ගෙන් (විශේෂයෙන් වවුලන්ගේ* ශරීරවල අඩංගු වයිරස වර්ගයකි. මෙය වවුලන් හරහා මිනිසුන්ට ආසාදනය වෙයි. ‘කොවිඞ් 19’ කොරෝනා වයිරස පවුලේ නවතම සාමාජිකයාය. ‘කොවිඞ් 19’ වයිරසය වවුලන් සහ කබල්ලෑවන් හරහා මිනිසුන්ට ආසාදනය වන්න ඇතැයි සැක කෙරේ.

ඕස්ටේ‍්‍රලියා මහාචාර්යවරයා ස්කයි නිවුස් පුවත් නාළිකාවට කළ ප‍්‍රකාශය මුල්කොට ගනිමින් මේ වනවිට චීන  ඕස්ටේ‍්‍රලියා වෙළෙඳ අර්බුදයක් නිර්මාණය වී ඇත.  ඕස්ටේ‍්‍රලියාවේ චීන තානාපති චෙංග් ලිංග්යේ පවසා  ඕස්ටේ‍්‍රලියා රජයට තර්ජනය කර ඇත්තේ, චීන  ඕස්ටේ‍්‍රලියා වෙළෙඳ ගනුදෙනු නැවැත්වීමට පියවර ගන්නා ලෙසය.

මෙල්බර්න්හිදීය (ඬේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS