ලෝකය දෙකඩවීමේ අවදානමක්
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ආරම්භ කරමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් අවධාරණය කළේ ලොව ප්රධාන ආර්ථික බලවතුන් වන ඇමෙරිකාව සහ චීනය අතර පවතින වෙළෙඳ අර්බුද මුල්කොට ගනිමින් ලෝකය දෙකඩවීමේ අවදානමක් ඇති බවය.
ඇමෙරිකාව සහ චීනය අතර පවතින එම අර්බුදයේ අනිසි ප්රතිඵල ඉදිරියේදී ලෝක වාසීන්ට දකින්න ලැබෙනු ඇති බවත්, ඊට කඩිනමින් පිළියම් කළ යුතු බවත් ජගත් මහ ලේකම්වරයා පෙන්වා දුන්නේය.
පවතින අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් සහ මහ ලේකම් ගුටරේට්ස් අතරේ විශේෂ හමුවක් ද පැවැත්විණි.
(ඒ.එෆ්.පී.)