ලොස් ඇන්ජලීස් නුවර වෙඩි තැබීමකින් හතරක් මරුට



ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර, සිදුවුණු වෙඩි තැබීම් මාලාවකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. දෙදෙනෙක් තුවාල ලැබූහ.

වෙඩි තැබීම කළ තැනැත්තා 26 හැවිරිදි ගෙරී සරගෝයා බව පොලිසිය පවසයි. වෙඩි තැබීමෙන් පසු පලා ගිය මොහු පැය 12 කට පසු අල්ලා ගැනීමට ලොස් ඇන්ජලීස් පොලිසිය සමත් විය. වෙඩි තැබීම සිදුවී ඇත්තේ ඇමෙරිකාවේ වේලාවෙන් උදෑසන 7.45 ට පමණය.

පෞද්ලික ප්‍රශ්නයක් හේතුවෙන්, වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය කියයි. ගෙරී සරගෝයා කළ වෙඩි ගැබීමෙන් මියගිය අය අතර ඔහුගේ පියා සහ සොහොයුරා ද සිටී. ගෙරී සරගෝයාගේ මව වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් රෝහල් ගත කළේ යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ලොස් ඇන්ජලීස්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS