ලොව විශාලතම දියමන්තිය බොට්ස්වානාවෙන්



කැරට් 1,758 ක් බර දියමන්තියක් අප්‍රිකාවට අයත් බොට්ස්වානා රාජ්‍යයෙන් හමුවී ඇති බවත් මෙය මෙතෙක් හමුවුණු ලොව විශාලතම දියමන්තිය බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

දියමන්තිය හමුවී ඇත්තේ ලුකාරා නමැති කැනඩා සමාගමකට අයත් කරෝවේ දියමන්ති පතලේ කළ කැණීම්වලදීය. අප්‍රිකාව දියමන්තිවලට ප්‍රසිද්ධියක් උසුලන අතර, අප්‍රිකා මහද්වීපයෙන් හමුවූ විශාලතම දියමන්තිය ලෙස ද මෙය සැලකෙයි. මෙහි වටිනාකම මෙතෙක් තකන්සේරු කර නැත.

බොට්ස්වානා රාජ්‍යයේ දියමන්ති සොයමින් කැණීම් සිදුකරන ලුකාරා කැනඩා සමාගම අති නවීන තාක්ෂණය යොදා ගනිමින් එම කටයුතු සිදු කරයි. සමාගම පවසන්නේ ඔවුන් දියමන්ති සෙවීමට එක්ස් කිරණ යොදා ගන්නා බවය. එසේ නව තාක්ෂණය යොදා ගනිමින් දියමන්ති සොයද්දී, මීට පෙර ද කැරට් දහස ඉක්මවූ දියමන්ති තුනක් හමුවී ඇති බව පැවැසෙයි.

ගැබොරෝන්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS