රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් අමතක කරන්න එපා
මියන්මාරයේ ගැටුම් හේතුවෙන් සරණාගතයන් බවට පත්වී සිටින රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් අමතක නොකරන්නැයි එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක නියෝජ්‍ය මහ ලේකම් මාක්ලෝකොක් මාධ්‍ය හමුවේ කියා සිටියේය.
නියෝජ්‍ය මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ බංග්ලාදේශයේ සිට මාධ්‍ය හමුවකට එක් වෙමිනි. මියන්මාරයේ ගැටුම්වලින් පලා ආ රොහින්ග්‍යා සරණාගතයෝ බංග්ලාදේශ දේශසීමාවේ සරණාගත කඳවුරුවල ජීවත් වෙති. එක්සත් ජාතීන්ගේ සංවිධානය මොවුන් වෙනුවෙන් මුදල් ආධාර ලබා දීම සිදු කරයි.
(අල් ජසීරා)