රුසියාව පෑන් කේක්වලින් ගිනස් වාර්තාවක් තියලා
පසුගිය 28 දිනය රුසියාවේ පෑන්කේක් දිනය ලෙස නම් කෙරුණු අතර ඊට සමගාමීව මොස්කව් නුවර පැවැති විශේෂ උත්සවයේදී රැස්ව සිටි පිරිසට වැඩිම පෑන් කේක් ප්රමාණයක් සංග්රහකොට රුසියානු සූපවේදීහු පිරිසක් ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවූහ.
රැස්ව සිටි පිරිසට සංග්රහ කළ පෑන් කේක් ගණන 12,716 ක් යැයි ගිනස් කමිටුව පවසයි. පෑන් කේක් නිර්මාණය සඳහා සූපවේදීහු 16 දෙනෙක් සහභාගී වූහ.
‘පෑන්කේක් දිනය’ රුසියානුවන් පමණක් නොව, එක්සත් රාජධානියේ වැසියන් අයර්ලන්ත වැසියන්, ඕස්ටේ්රලියානුවන්, නවසීලන්ත වැසියන් සහ කැනඩා වැසියන් විසින් සමරනු ලබන බව විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.
(රොයිටර්)