රුසියානු අයි.එස්. ශාඛාවේ නායකයා මරුට



රුස්තාම් අසෙල්දරෙව් නොහොත් ෂීක් අබු මොහොමද් අල් කදාරි යන නමින් හැඳින්වුණු රුසියානු අයි.එස්. ශාඛාවේ නායකයා මරුමුවට පත්වූ බව එරට රුසියානු ෆෙඩරල් ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 
 
ඔහු රුසියාවට එල්ල මරාගෙන ත්‍රස්ත ප්‍රහාර රැසකටම සම්බන්ධ අයෙකි. රුසියානු   ෆෙඩරල් ආරක්ෂක සේවය කළ මෙහෙයුමක් අතරතුරදී ඔහු එසේ ජීවිතක්ෂයට පත්ව ඇත. ඔහුත් සමඟ ඔහුගේ සමීපතමයන් සිව් දෙනකු එහිදි මියගොස් ඇතැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි.
 
තිස් පස් වියේ පසුවන බව පැවසෙන් අසෙල්දරෙව් 2013 වසරේ වොල්ගොග්‍රෑඞ් දුම්රිය ස්ථානයට එල්ල වූ ප්‍රහාරයට 2012 වසරේ එල්ල වූ කාර් බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බව වාර්තා විය. වොල්ගොග්‍රෑඞ් දුම්රිය ස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් 34 දෙනකු මියගිය අතර 2012 වසරේ එල්ල වූ කාර් බෝම්බ ප්‍රහාරයෙන් 14 දෙනකු මියගොස් 120ක් තුවාල ලැබූහ. ඊට අමතරව රුස්තාම් අසෙල්දරෙව් එම සංවිධානය ප්‍රහාරයට රැසකටම සම්බන්ධ විය. 
 
රුස්තාම් අසෙල්දරෙව් 2014 වසරේ දී ඉස්ලාමික් ස්ටේට් නොහොත් අයි.එස් සංවිධානයට පක්ෂපාතීත්වය සහ සහයෝගය දෙන බව ප්‍රකාශ කළේය. ඇමෙරිකා එක්සත් රාජ්‍ය දෙපාර්මේන්තුව 2015 වසරේදී රුස්තාම් අසෙල්දරෙව් අයි.එස් සංවිධානයට සහාය දෙන විදෙස් ත්‍රස්තවාදි සටන්කරුවකු යැයි නම් කරන ලදි.

RECOMMEND POSTS