රත්තරන් පතලේ නායයෑමෙන් 60 ක් වැළලෙති



ඉන්දුනීසියාවේ රත්තරන් පතලක සිදුවුණු නායයෑමකින්, පතල් සේවකයෝ 60 දෙනෙක් පණ පිටින් වැළලුණාහ.

නායයෑම සිදුවී ඇත්තේ සුලවේසී දූපතේ බොලාන්ග් මොන්ගොන්ඩෝව් පළාතේ පිහිටි රත්තරන් පතලකය. මෙය අනවසරයෙන් පවත්වාගෙන ගිය රත්තරන් පතලක් බව ඉන්දුනීසියා බලධාරීහු පවසති.

නායයෑම ගැන සැලවුණු සැණින් පතල් සේවකයන් බේරා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් ආරම්භ විය. එහිදී පස් තට්ටු අතරේ සිරවුණු 13 දෙනකු බේරා ගැනීමට හැකිවිය. ඔවුන් කඩිනමින් රෝහල් ගත කළ බව වාර්තා වේ.

ජකර්තාහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS