රටේ ජාතික ගීයට අවමන්කරන ලදැයි ඉන්දියානු ලේඛකයකුට නඩු
බී.බී.සී ඇසුරෙනි.....
රටේ ජාතික ගීයට අවමන්කරන ලදැයි චෝදනා ලබන ඉන්දියානු ලේඛකයකුට එරෙහිව කුපිතකාරී ක්‍රියා සිදුකිරීමේ චෝදනා යටතේ නඩු පවරනු ලැබ ඇත.
කමල් සී. චවාරා නම් එම ලේඛකයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඔහු ෆේස්බුක් වෙබ් අඩවිය මගින් විෂම අදහස් පතුරුවන බවට භාරතීය ජනතා පක්ෂයේ තරුණ සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් අනුවයි.
එහෙත් තම 'ෆේස්බුක්' පිටුව මගින් ජාතික ගීයට අවමන් නොකළ බව එම ලේඛකයා කියාසිටියි.ඉන්දියාවේ මධ්‍ය ආණ්ඩුව හින්දු ජාතිකවාදී දර්ශනයක් සහිත වන අතර කේරළ ප්‍රාන්තයේ මුල්බැස ගෙන පවතින්නේ අනාගමික සහ වාමවාදී සම්ප්රදායකි.
ඉන්දියානු සිනමාශාලාවන්හි දර්ශන ආරම්භ වීමට පෙර ජාතික ගීය වාදනය කිරීමේ දී සියලු නරඹන්නන් අසුන්වලින් නැගීසිට ගෞරව දැක්විය යුතුයයි ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය මාසයේ නියෝග කළේය.
කේරළයේ සිනමා උළෙලක චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම් ආරම්භයේ දී එසේ නැගී නොසිටි සිනමාලෝලීන් දොළොස්දෙනකු අත්අඩංගුවට ගන්න ලද බවක්ද වාර්තා විය.ජාතික ගීය වාදනය කෙරෙද්දී අසුන්වලින් නැගී නොසිටීම නිසා කේරල සහ තමිල්නාඩු ප්‍රාන්තවල මේවනවිට අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව විසි දෙනකු පමණ වෙයි.
චෙන්නායි නගරයේ සිනමා ශාලාවක ජාතික ගීය ප්‍රදර්ශනය කෙරෙද්දී අසුන්වලින් නැගී නොසිටි සිනමාලෝලීන් අටදෙනකුට පහර දී අවමන් කිරීමේ සිද්ධීන් වාර්තා වූ බව තමිල්නාඩු පොලිසිය පවසයි
තිළිණි ද සිල්වා