යුරෝපා සංගමයේ මුල් පුටුව කාන්තාවකට
යුරෝපා සංගමයේ සභාපති ධුරයට ජර්මන් ආරක්ෂක ඇමැති ලෙස කටයුතු කළ 60 හැවිරිදි උර්සුලා වොන් දෙර් ලියාන් තේරී පත් වී ඇත. යුරෝපා සංගමයේ මුල් පුටුවට මෙලෙස කාන්තාවක තේරී පත් වුණු ප්රථම අවස්ථාව මෙයයි.
උර්සුලා වොන් දෙර් ලියාන් තේරී යුරෝපා සංගමයේ සභාපති ධුරයට පත් වූයේ යුරෝපා සංගමයේ පැවැති ඡන්දයෙනි. යුරෝපා සංගමයේ සාමාජිකයන් 383 දෙනකුගේ ඡන්ද උර්සුලා වොන් දෙර් ලියාන්ට හිමිවුණු බව පැවැසෙයි.
උර්සුලා වොන් දෙර් ලියාන් තේරී සභාපති ධුරයට පත්වන්නේ එම ධුරයේ කටයුතු කළ ජෝන් ක්ලෝද් ජන්කර්ගේ ධුර කාලය අවසන් වීමත් සමඟය. 65 හැවිරිදි යුරෝපා රටක් වන ලුක්සෙන්බර්ග් වැසියෙකි.
යුරෝපා සංගමයේදීය (ඒ.එෆ්.පී.)