යුද අපරාධ කළැයි මියන්මාර හමුදාවට චෝදනා



යුද අපරාධ සිදු කර ඇතැයි මියන්මාර හමුදාවට ජාත්‍යන්තර ක්ෂමා ආයතනයෙන් චෝදනා එල්ල වී ඇත.

මියන්මාරය බෞද්ධ රාජ්‍යයක් වන අතර, එරට සුළු ජාතිකයන් වන්නේ මුස්ලිම්වරුන්ය. මියන්මාර හමුදාවට මෙම චෝදනා එල්ල වී ඇත්තේ රකීන් පළාතේ ජීවත්වන මුස්ලිම් වැසියන් මුල්කොට ගනිමිනි. මුස්ලිම් වැසියෝ රකීන් පළාත වෙනුවෙන් වෙනම පාලනයක් ඉල්ලති.

ඉස්ලාමීය සන්නද්ධ කල්ලි රකීන් පළාත වෙනුවෙන් මියන්මාර ඉහමුදාව සහ බෞද්ධ වැසියන් වෙනුවෙන් සටන් ආරම්භ කළේ 2017 දීය. ඒ සමඟ මියන්මාර හමුදාව පෙරළා එම ඉස්ලාමීය සටන්කාමීන්ට පහරදී ඇත. දහස් ගණනින් රකීන් වැසියන් අසල්වැසි බංග්ලාදේශයට බලා ගියේ මෙම ගැටුම් හේතුවෙනි.

මියන්මාර මුස්ලිම් වැසියන්ට එරෙහිව මියන්මාර රජයේ හමුදාව යුද අපරාධ කළේ යැයි මීට පෙර ද ජගත් මානව හිමිකම් සංවිධාන රැසක් මියක්මාර හමුදාවට චෝදනා නගා ඇත. මියන්මාර නිල නොවන නායිකා අවුන් සාන් සූ කී ප්‍රමුඛ රජය මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS