මෝදිට හොඳට ඉංග්‍රීසි පුළුවන්
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට හොඳින් ඉංග්‍රීසි කථා කිරීමේ හැකියාව ඇත නමුත්, ඔහු වඩාත් ප්‍රිය කරන්නේ හින්දි බසින් කතා කිරීමට යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි.
ඇමෙරිකා ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතරේ හමුවක් පැවැත්වූයේ, ප්‍රංශයේ බියාරිට්ස් වෙරළාශ්‍රිත නගරයේ ‘ජී7’ රාජය නායක සමුළුවට සමගාමීවය.
විනාඩි 40 ක් තිස්සේ එකිනෙකා හමුවී, සාකච්ඡා පැවැත්වීමෙන් පසු, නායකයෝ දෙදෙනා එක් වී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වූහ. මෝදි සහ ට්‍රම්ප් එකිනෙකා ළඟ අසුන් ගනිමින්, මාධ්‍යවේදීන්ට මුහුණ දුන්හ.
එම අවස්ථාවේදී දෙදෙනා අතරේ සාකච්ඡා වූයේ මොනවාදැයි එක් මාධ්‍යවේදියක ඉංග්‍රීසි බසින් ඉන්දීය අගමැතිවරයාගෙන් විමසයි. ‘අපි හුඟක් දේවල් කතා කළා. ඔයාලට දැනගන්න ඕනෑ දේවල් පමණක් අපි කියන්නම්’ යැයි මෝදි හින්දියෙන් ඊට පිළිතුරු දෙයි.
එම අවස්ථාවේදී මෝදි අසලින් අසුන්ගෙන සිටි ට්‍රම්ප් මැදට පනිමින් පවසන්නේ, මෝදිට හොඳින් ඉංග්‍රීසි කතා කිරීමට හැකියාව ඇති නමුත් ඔහු එසේ නොකරන බවත්ය. රාජ්‍ය නායකයන් දෙදෙනා අත් අල්ලා ගනිමින් ඉන්පසු සිහනවෙද්දී, රැස්ව සිටින මාධ්‍යවේදීන් ද සිනාසුණු බව එන්.ඩී.ටීවී. පුවත් සේවය වාර්තා කරයි.
‘ජී7’ සමුළුවට සමගාමීව, අගමැති මෝදි සහ ට්‍රම්ප් අතරේ වැඩි අවධානයක් යොමු වූයේ ඉන්දු කාශ්මීර අර්බුදය සම්බන්ධවය.
ඉන්දීය රජය එරය ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය අහෝසි කරමින්, ඉන්දු කාශ්මීරයට ලබා දුන් විශේෂිත බලතල ඉවත් කිරීමෙන් පසු ඉන්දියාව පාලනය යටතේ පවතින කාශ්මීරය සම්බන්ධයෙන් හටගත් අර්බුදය ගැන අගමැති මෝදි ජනපති ට්‍රම්ප් හමුවේ පැහැදිලි කළේය.
බියාරිට්ස්හිදීය (එන්.ඩී.ටීවී.)