මොගඩිෂු නගරාධිපති බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබයි
සෝමාලියාවේ මොගඩිෂු අගනුවර නගරාධිපති කාර්යාලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. බෝම්බ ප්‍රහාරයෙන් හය දෙනකු ජීවිතක්ෂයට පත්වුණු අතර, නගරාධිපති ඊබ්රල්රහ්මාන් ඕමාර් ඔස්මාන් තුවාල ලැබුවේය.
තුවාල ලැබූ නගරාධිපතිවරයා ඇතුළු තවත් අට දෙනකු කඩිනමින් රෝහල් ගත කළ බව නියෝජ්‍ය නගරාධිපති මොහොමද් තුල්ලාහ් මාධ්‍ය හමුවේ පවසා ඇත. ප්‍රහාරයෙන් මියගිය හය දෙනා අතර දිස්ත්‍රික් කොමසාරිස්වරුන් දෙදෙනකු ද සිටින බව පැවැසෙයි
ප්‍රහාරය එල්ල කරන්න ඇත්තේ සෝමාලියාවේ ප්රචණ්ඩ ක්‍රියා සිදු කරන අල් ෂෙබාබ් ත්රස්තවාදීන් යැයි අනුමාන කෙරේ. අල් ෂෙබාබ් යනු අප්‍රිකා අර්ධද්වීපයේ ක්‍රියාත්මක අල් කයිඩා ත්‍රස්ත සංවිධානය සමඟ හවුල් වී සිටින ඉස්ලාමීය ත්‍රස්ත කල්ලියකි.
මොගඩිෂු නුවරදීය (රොයිටර්ස්)