මේගන්ගේ බබා ප‍්‍රමාදයි



බි‍්‍රතාන්‍යයේ හැරී කුමරුන්ගේ බිරිඳ සසෙක්ස් ආර්යාව මේගන් මාකෙල්ගේ දරු උපත ප‍්‍රමාද බවත් ඇය දින කිහිපයක පටන් රෝහල්ගතව සිටින බවත් වාර්තා වේ.

වෛද්‍යවරුන් පැවැසූ අන්දමට දරු ප‍්‍රසූතිය සිදුවීමට නියමිතව තිබුණේ පසුගිය 30 වැනිදා හෝ පළමු වැනිදාය. ඒ සමඟ 37 හැවිරිදි මේගන් සරේ ප‍්‍රාන්තයේ ෆර්ම්ලි පාර්ක් රෝහලට ඇතුළත් වූවාය.

පසුගිය 30 වැනිදා දරු ප‍්‍රසූතිය ස්වභාවිකව සිදුවීමට ඉඩ සලස්වා දී ඇති බව වෛද්‍යවරු පැහැදිලි කරති. දරු ප‍්‍රසූතිය අනවශ්‍ය ලෙස ප‍්‍රමාද වුවහොත්, සිසේරියන් සැත්කමක් සිදු කරන බව වෛද්‍යවරුන් පෙන්වා දී ඇත.

(ඬේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS