මෙහෙයුමට සම්බන්ධ නිල සුනඛයා
අල් බැග්ඩෑඩි සොයා කළ එම මෙහෙයුමේදී ඇමෙරිකන් සොල්දාදුවන් කිසිවකුටවත් අනතුරක් සිදු නොවුණු නමුත් මෙහෙයුමට සම්බන්ධ වුණු හමුදා නිල සුනඛයකු පමණක් තුවාල වූ බව වාර්තා වේ.
එම සුනඛයාගේ නම කොනන් බවත්, කොනන් කළ මෙහෙවර සැබැවින්ම ප්රසංශනීය බවත් ඇමෙරිකන් ජනපති ට්රම්ප් පෙන්වා දී ඇත. කොන්නා පමණක් නොව, ඇමෙරිකන් ඩෙල්ටා ෆෝස් හමුදා සොල්දාදුවන්ට අල් බැග්ඩෑඩි කොටු කර ගැනීමට තවත් නිල සුනඛයන් කිහිප දෙනකුගේ සහාය හිමිවී ඇති බව පැවැසෙයි.
(රොයිටර්ස්)