මෙක්සිකෝවේ ගිනි කන්දක් පිපිරේ: දහස් ගණනක් ආරක්ෂිත ස්ථානවලට
මෙක්සිකෝවේ ‘කොලිමා’ යමහල මේ වනවිට දුම් වළා නිකු් කරමින් සෙමින් සෙමින් පිපිරීම යෑම ආරම්භ කර ඇති බවත්, යමහල අවට පදිංචි ගම් වැසියන් දහස් ගණනක් ඔවුන්ගේ ගම්බිම්වලින් ඉවත් කිරීම කටයුතු කළ බවත් මෙක්සිකෝ බලධාරීහු පවසති.
‘කොලිමා’ යමහල පිහිටා ඇත්තේ බටහිර මෙක්සිකෝවේ කොලිමා සහ ජෙලිස්කෝ නමැති ප්‍රාන්ත අතරේය. මෙක්සිකෝවේ වඩාත් සක්‍රීය යමහල මෙය යැයි ද පැවැසෙයි.
ගම්වැසියන් ආරක්ෂිත ප්‍රදේශවල සහන කඳවුරුවල ජීවත් වෙන බවත්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සියල්ල ලබා දීමට කටයුතු කළ බවත් වාර්තා වේ.