මියන්මාරයේ රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනාට නිදහස
මියන්මාරයේ රොහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට පුවත් ඉදිරිපත් කිරීමේ වරදට සිරදඬුවම් නියමවූ රොයිටර්ස් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනාට ජනාධිපති සමාව යටතේ නිදහස හිමිවිය.
ජනපති සමාව යටතේ නිදහස ලබද්දී, වා ලෝන් (33) සහ යාව් සෝ (29) යැංගොන් නුවරට ඔබ්බෙන් පිහිටි බන්ධනාගාරයක දින 500 ක් තිස්සේ සිරදඬුවම් විඳි බව පැවැසෙයි.
රොහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් පුවත් වාර්තාකරණයේදී, මියන්මාර හමුදාව අපකීර්තියට පත්වන අයුරින් මෙන්ම මියන්මාරයේ රාජ්‍ය රහස් ලොවට අනාවරණය වන ආකාරයට පුවත් පළ කළැයි වා ලෝන් සහ යාව් සෝ ට චෝදනා එල්ල විය.
එම චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දෙදෙනා පසුගිය සැප්තැම්බරයේ වරදකරුවන් වූ අතර, එක් අයකුට වසර 7 බැගින් සිර දඬුවම් නියම විය.
මාධ්‍යවේදීන්ට ලබා දුන් සිරදඬුවම සම්බන්ධයෙන් මියන්මාර රජයට ජාත්‍යන්තරයෙන් චෝදනා එල්ල විය. එය මාධ්‍ය නිදහස සහ ප්රජාතන්ත්රවාදය උල්ලංඝනය කිරීමක් යැයි මියන්මාර නිලනොවන නායිකා අවුන් සාන් සූ කීට දොස් අහන්න පවා සිදුවිය.
රොහින්ග්‍යා යනු මියන්මාරයේ රකීන් පළාතේ ජීවත් වන මුස්ලිම් වැසියන්ය. මොවුන් රකීන් පළාත වෙනුවෙන් වෙනම පාලනයක් ඉල්ලයි. ඉස්ලාමීය බෙදුම්වාදී සන්නද්ධ ත්‍රස්ත කල්ලි ද මොවුන්ට සහාය දෙයි. මියන්මාරය බෞද්ධ රාජ්‍යයකි.
මියන්මාර නායිකා අවුන් සාන් සූ කී සහ එරට හමුදාව ඉස්ගාමීය ත්රස්තවාදීන්ට එරෙහිව මෙහෙයුම් ආරම්භ කළ අවස්ථාවේදී, රොහින්ග්‍යා වැසියෝ දහස් ගණනින් අසල්වැසි බංග්ලාදේශයට පලා ගියහ. බංග්ලාදේශය මුස්ලිම් රාජ්‍යයක් වුවත්, ඔවුන් රොහින්ග්‍යා වැසියන් බාර ගන්නේ නැත. මෙම වැසියෝ බංග්ලාදේශ දේශසීමාවේ කඳවුරුවල ජීවත් වෙති.
යැංගොන්හිදීය (රොයිටර්ස්)