මාස 9 ක් ඇතුළත මැතිවරණයක් පවත්වනවා



දිනෙන් දින උත්සන්න වෙමින් පවතින ජනතා විරෝධය හමුවේ සුඩාන හමුදා පාලක මණ්ඩලය  කියා සිටියේ, මාස 9 ක් ඇතුළත කඩිනමින් මැතිවරණයක් පැවැත්වීමට පියවර ගන්නා බවය.

සුඩානයට හමුදා පාලනයක් අවශ්‍ය නැතැයි පෙන්වා දෙමින්, සුඩාන වැසියන් පැවැත්වූ විරෝධතා මර්දනයට හමුදා පාලක මණ්ඩලය දැඩි මර්දනකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.

හමුදා ප්‍රහාරවලින් විරෝධතාකරුවන් 30 දෙනකු මියගියේ යැයි ද පැවැසිණි.

විරෝධතාකරුවන් මියයෑමත් සමඟ විරෝධතා උත්සන්න වූ අතර, එය ජාත්‍යන්තරයේ අප්‍රසාදයට ද හේතුවක් විය.

ඒ අනුව, අන්තර්වාර හමුදා පාලක මණ්ඩලය නිවේදනය කළේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් සමඟ සාකච්ඡා පවත්වා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ අරමුණින්, මාස 9 ක් ඇතුළත කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන බවය.

කර්ටෝම්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS