මරාගෙන මැරෙන බෝම්බයකින් ඇෆ්ඝනිස්තානයේ 6ක් මිය යති
ආරක්ෂක අංශ නිළධාරින් රුගෙන ගිය බස් රථයක් ඉලක්ක කර යතුරු පැදියකින් පැමිණි ත්‍රස්තවාදියකු විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු කාබුල් නුවරදී මරමුවට පත්වීය.
මෙම බෝම්බ ප්‍රහාරයේ වගකීම අයි. එස් ත්රස්තවාදීන් විසින් භාරගෙන ඇත.
අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක සිද්ධික් සිද්ධිකී, කියා සිටියේ මෙම මරාගෙන මැරෙන ප්‍රහාර හේතුවෙන් සිවිල් විසියන් 4ක් හා ආයතනයේ සාමාජිකයින් දෙදෙනෙකු මියගොස් ඇති බවයි.
මීට අමතරව 13 දෙනෙකු තුවාල ලබා ඇති අතර මෙම තුවාල ලැබුවන් අතර ආරක්ෂක අංශයේ සාමාජිකයින් 4 දෙනෙක්ද සිටින බවද වාර්තා විය.
ප්‍රහාරය හේතුවෙන් බසය හා අසල තිබු කාරයක් පුපුරා විනාශවු අතර ආරක්ෂක අංශ වහාම එම මාරාගෙන මැරෙන ප්‍රහාරය එල්ලවූ ස්ථානය ඉදිරි පරීක්ෂන කටයුතු සදහා මුද්‍රාතබන ලදී .