මමත් කාලයක් සමලිංගිකයෙක්
තමන් සමලිංගික ජීවිතයකට යොමු වී සිටි බවත්, සමලිංගික ඇසුරින් තමන් මිදුණේ සුන්දර කාන්තාවක මුණ ගැසීමෙන් පසුව බවත් පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩුටරේට්ස් අනාවරණය කර තිබේ.
ආන්දෝලනාත්මක චරිතයක් ලෙස සැලකෙන පිලිපීන ජනාධිපතිවරයා මේ බව අනාවරණය කළේ, පසුගිය 30 වැනිදා ජපාන සංචාරයකට ගොස් ජපානයේ වෙසෙන පිලිපීන ප්රජාව හමුවුණු අවස්ථාවේදීය.
ජනපති ඩුටරේට්ස් අනාවරණය කළ අන්දමට, ඔහුගේ විවාහය දෙදරා යෑමට ද සමලිංගික ජීවිතය හේතුවක් වී තිබේ. ජනපතිවරයා විවාහ වී සිටියේ එලිසබත් සිමර්මාන් සමඟය. විවාහය අවසන් වූයේ 2000 දීය. මේ වනවිට ඩුටරේට්ස් ඩවාවෝ නගරයේ නගරාධිපති ලෙස කටයුතු කරන්න විය.
සමලිංගික ඇසුරින් තමන් මිදුණේ හනිලෙට් ඇවෙන්සිනා නමැති සුන්දර තරුණිය හමුවුණු නිසා යැයි ජනපති ඩුටරේට්ස් කියයි. හනිලෙට් ඇවෙන්සිනා පිලිපීන ජනාධිපතිවරයාගේ පෙම්වතියයි.
ඇවෙන්සිනා හමුවීමෙන් පසු තමන් තඩවසම් තරුණයන් කෙරෙහි අවධානයක් දක්වන්නේ නැති බව පිලිපීන ජනපතිවරයා වැඩිදුරටත් කියා සිටී.
මැනිලා නුවරදීය (රොයිටර්ස්)