බොකෝ හාරම් නිසා ලක්ෂයකට වැඩි පිරිසක් කුස ගින්නේ



 

නයිජීරියාවේ බොකෝහරාම් කැරලිකරුවන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවී තිබෙන ගැටුම්කාරී වාතාවරණය නිසා ලක්ෂයකට වැඩි ජනතාවක් කුසගින්නේ මියයාමේ අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා ඇත.

නයිජීරියානු හමුදාව විසින් කැරලිකරුවන්ගේ පාලනයේ පැවති විශාල ප්‍රදේශයක බලය යළි අත්පත්කරගෙන ඇති නමුත් පවතින අනාරක්ෂිත තත්වය හමුවේ ගොවීන්ට තම වගාවන් කරගෙනයාමේ හැකියාවක් නැති බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

එම සංවිධානය පවසන ආකාරයට, මේ තත්වය යටතේ ලක්ෂ හැත්තෑවක ජනතාවක් සඳහා හදිසි මානවීය ආධාර අවශ්‍යව තිබේ.
එබැවින් අප්‍රිකාව අද මුහුණදෙන විශාලතම ව්‍යසනයෙන් මිදීමට සහයවීම පිණිස ඇමරිකානු ඩොලර් බිලියනයකට වැඩි ආධාර ලබාදෙන දෙස ද එක්සත් ජාතීන් ඉල්ලීමක් කරයි.

තිළිණි ද සිල්වා

ද ගාඩියන් ඇසුරෙනි.....


RECOMMEND POSTS