බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ විශේෂ සැසියක්



බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් අනිද්දා (12) කැඳවීමට නියමිත බව පැවැසෙයි. ඒ, බි‍්‍රක්සිට් කි‍්‍රයාවලිය කෙසේ අවසන් වේවිදැයි සාකච්ඡ කිරීමටය.

මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම බි‍්‍රක්සිට් යනුවෙන් හැඳින්වෙයි. මෙම මස 31 වැනිදාට පෙර මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුව ඇත.

මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමය සමඟ ගිවිසුම් ඇති කර ගනිමින් ඉවත් වීම කළොත් එය බි‍්‍රතාන්‍යයට වාසියක් වෙයි.

එසේ නොවුණොත් එය මහා බි‍්‍රතාන්‍යයට අවාසියකි. බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් උත්සාහ ගන්නේ, ගිවිසුමක් ඇතිව හෝ නැතිව යුරෝපා සංගමයෙන් බි‍්‍රතාන්‍යය ඉවත් කර ගැනීමටය.

ලන්ඩනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS