බි‍්‍රතාන්‍ය අගමැතිනියගෙන් යුරෝපා සංගමයට ලිපියක්



බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය තවත් කල් දමා ගැනීමේ අරමුණින්, බි‍්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේ යුරෝපා සංගමයට ලිපියක් යැවූ බව බි‍්‍රතාන්‍ය පුවත් සේවා වාර්තා කළේය.

බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සඳහා ලබන ජූනි 30 වැනිදා වනතුරු කල් දෙන්නැයි අගමැතිනී තෙරේසා මේ එම ලිපිය හරහා යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කර ඇතැයි බි‍්‍රතානය පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබේ.

බ්‍රෙක්සිට් හෙවත් මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ආරම්භ වීමට නියමිතව තිබුණේ පසුගිය මාර්තු 29 වැනිදාය. කෙසේ නමුත්, බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය වෙනුවෙන් අගමැතී තෙරේසා මේ යුරෝපා සංගමය සමඟ එක් වී සාකච්ඡ කරමින් සකස් කළ යෝජනාව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට අගමැතිනි අපොහොසත් වී සිටී.

අගමැතිනිය සකස් කළ එම යෝජනාවට ප‍්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය පමණක් නොව, අගමැතිනියගේ කොන්සවර්ටිව් පක්ෂයෙන් ද දැඩි විරෝධයක් එල්ල වෙයි. බ්‍රෙක්සිට් යෝජනාව සම්මත කර ගැනීමට නොහැකි වී ඇත්තේ එහෙයිනි.

මාර්තු 29 වැනිදා බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය ආරම්භ කිරීමට නොහැකි වූ හෙයින් අගමැතිනී තෙරේසා මේ එම දිනය ලබන අපේ‍්‍රල් 12 තෙක් දීර්ඝ තර ගැණින. ඒ, යුරෝපා සංගමය සමඟ සාකච්ඡුා පැවැත්වීමෙන් පසුව ඇති කර ගත් එකඟතාවක් මතය. අගමැතිනී තෙරේසා මේ දැන් උත්සාහ ගන්නේ, එම දිනය ජූනි 30 වැනිදා තෙක් කල් දමා ගැනීමටය.

ඉකුත් පළමු වැනිදා, මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් ‘බ්‍රෙක්සිට්’ කි‍්‍රයාවලිය කෙසේ විය යුතු ද සම්බන්ධයෙන්, විකල්ප යෝජනා කිහිපයක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු නමුත්, ඒ කිසිදු යෝජනාවකට බහුතර කැමැත්ත හිමි නොවිණි.

‘බ්‍රෙක්සිට්’ කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් විකල්ප යෝජනා ඉදිරිපත් කිරීම සිදුවූයේ ඒ සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේ සකස් කළ යෝජනාව තෙවරක් පාර්ලිමේන්තුවේ දී පරාජයට පත්වීමෙන් පසුවය.
බ්‍රෙක්සිට් යෝජනාව කි‍්‍රයාවට නැංවීවමට නම්, තෙරේසා මේට ඇගේ පාලක කොන්සවර්ටිව් පක්ෂයේ පමණක් නොව ප‍්‍රතිවාදී කම්කරු පක්ෂයේ ද අනුමැතිය හිමිවිය යුතුව ඇත.

අගමැතිනී තෙරේසා මේ, කම්කරු පක්ෂ නායක මෙන්ම විපක්ෂ නායකයා ද වන ජෙරමි කොර්බින් හමුවීමටත්, බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සමඟ සාකච්ඡුා පැවැත්වීමටත් නියමිතව සිටි බව බි‍්‍රතාන්‍ය පුවත් සේවා වාර්තා කර තිබේ.

ලන්ඩනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS