බාර්නි සැන්ඩර්ස්ට පපුවේ අමාරුවක්
ලබන වසරේ එනම් 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ඩිමොක්‍රටික් පාක්ෂික ජනපති අපේක්ෂක 78 හැවිරිදි බර්නි සැන්ඩර්ස් හෘදයාබාධයකට ලක්වුණු බව වාර්තා වේ.
සැන්ඩර්ස් ඇතුළත් කෙරුණේ නෙවාඩා රෝහලකටය. එහිදී එන්ජියෝග්‍රෑම් පරීක්ෂණයකට සැන්ඩර්ස් ලක් කෙරුණු බවත්, වෛද්‍යවරුන් ස්ටෙන්ට් දෙකක් යොදා අවහිරවූ හෘද නාල යථා තත්ත්වයට පත් කළ බවත් පැවැසෙයි.
ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු සැන්ඩර්ස් නිවස බලා ගිය බවත්, ඉදිරි සති කිහිපයේ ඔහුට විවේක ගන්නැයි වෛද්‍යවරුන් උපදෙස් ලබා දී ඇති බවත් වාර්තා වේ.
වොෂින්ටනයේදීය (රොයිටර්ස්)