බ්‍රිතාන්‍ය අගමැතිනිය ඇමෙරිකාවේ සංචාරයක
ඇමෙරිකාවේ නිල සංචාරයකට පැමිණි බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ සහ ඇමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර විශේෂ හමුවක් ධවල මන්දිරයේදී පැවැත්වීමට නියමිත යැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ට්‍රම්ප් ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමෙන් පසු, ට්‍රම්ප් හමුවීමට ඇමෙරිකාවට පැමිණි පළමු රාජ්‍ය නායිකාව බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ ය. විශේෂ ගුවන් යානයකින් බ්‍රිතාන්‍ය අගමැතිනිය පැමිණියේ ඇමෙරිකාවේ ඇන්ඩෲස් ගුවන් හමුදා කඳවුරටය.
අතීතයේ මෙන් යළිත් වරක් බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකාව එක්වී ලෝකයට නායකත්වය දීමට ඉදිරියේදී ක්‍රියා නිරීමට හැකිවනු ඇතැයි තෙරේසා මේ පවසා ඇත. ජනාධිපති ට්‍රම්ප් යටතේ ඇමෙරිකාව සමඟ යහපත් සබඳතා පවත්වා ගැනීමටත් පවතින මිත්‍රත්වය ශක්තිමත් කරගැනීමට හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බව ද බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ වැඩි දුරටත් පවසා ඇත.
(රොයිටර්)