බ්‍රසීල ජනපතිට ඇරැයුම්



ලබන වසරේ ඉන්දීය ජනරජ දිනයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙන්නැයි බ්‍රසීල ජනාධිපති ජේ බොල්සරානෝට, ඉන්දීය අගමැති මෝදිගෙන් ඇරැයුම් ලැබී ඇත.

පසුගිය දෙදින අගමැති මෝදි සිටියේ බ්‍රසීලයේය. ඒ, බ්‍රසීලයේ පැවැත්වුණු ‘බි්‍රක්ස්’ සමුළුවට එක් වෙමිනි. ‘බි්‍රක්ස්’ සමුළුවේ සාමාජිකයන් වන්නේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාවය. වෙළෙඳ කටයුතු සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සමුළුවට එක් වුණු රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු විය.

සමුළුවට සමගාමීව, ඉන්දීය අගමැති මෝදි සහ බ්‍රසීල ජනාධිපති බොල්සරානෝ අතරේත්, ඉන්දීය අගමැති මෝදි සහ රුසියන් ජනාධිපති පුටින් අතරේත් විශේෂ හමුවක් පැවැත්විණි.

ඉන්දීය ජනරජ දිනය පැවැත්වෙන්නේ ජනවාරි 26 වැනිදාය. ජනරජ දිනයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස ඉන්දියාවට පැමිණෙන්නැයි අගමැති මෝදි කළ ඇරැයුම, බ්‍රසීල ජනාධිපති බොල්සරානෝ මහත් ගෞරවයෙන් පිළිගත් බව ද වාර්තා වේ.

බ්‍රසීලියාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS