බ්‍රසීලයේ හිටපු ජනපති ලූලා ද සිල්වා අධිකරණයට
Brazil
මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලා ද සිල්වා ඊයේ (21) එරට අධිකරණයක් හමුවේ පෙනී සිටියේය.
ජනපති ලෙස කටයුතු කරද්දී ලූලා ද සිල්වා තෙල් සමාගමකින් ඇමෙරිකන් ඩොලර් මිලියන 1.1 ක අල්ලස් මුදලක් ලබා ගත්තැයි චෝදනා එල්ල වී ඇත. ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවූයේ එම චෝදනා මුල්කොට ගනිමිනි.
ලූලා ද සිල්වා පමණක් නොව, ඔහුගේ පවුගේ ඥාතීන්ට ද මූල්‍ය අක්‍රමිකතා චෝදනා එල්ල වී ඇතැයි වාර්තා වේ.
බලතල අනිසි ලෙස භාවිතා කළැයි චෝදනාවලට ලක් වී විශ්වාසභංගයකින් පසු බලය අහිමි වූ බ්‍රසීල ජනපතිනී දිල්මා රූසෙෆ් යනු ලූලා ද සිල්වාගේ අනුප්‍රාප්තිකාවය. ඇයට ද ඉදිරියේ දී අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවනු ඇතැයි පැවැසෙයි.