බයේ ධුරයෙන් ඉවත් වෙන්නේ නෑ



විරෝධතාකරුවන්ට බියෙන් හෝ ඔවුන්ගෙන් එල්ලවන බලපෑම් හමුවේ හෝ තමන් කිසිම අවස්ථාවක ධුරයෙන් ඉල්ලා අස්නොවන බව හොංකොං පාලිකා කැරී ලෑම් මාධ්‍ය හමුවේ අවධාරණය කර ඇත.

හොංකොං යනු චීනයට අයත් ස්වං බාලන ප්‍රදේශයකි. හොංකොං පාලිකා කැරී ලෑම් ඇතුළු පාලක මණ්ඩලය කටයුතු කරන්නේ චීන රජයේ බලපෑම් අනුව යැයි චෝදනා එල්ල වෙයි. විරෝධතා පැවැත්වෙන්නේ එහෙයිනි. මේ වනවිට මාස ගණනක පටන් හොංකොං හි සියලු දෛනික කටයුතු අඩපණ වී ඇත්තේ, හොංකොං පාලිකාව ඇතුළු බලධාරීන් චීනයේ ඉල්ලීම මත ගෙන ඒමට සූදානම් වන නව උදර්පණ පනත් කෙටුම්පත සම්බන්ධයෙනි.

මෙම පනත් කෙටුම්පත සම්මත වුවහොත්, චීන රජයේ උදහසට ලක් වී හොංකොං හි රැඳී සිටින චීන විපක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු බොහෝ දෙනකු පසුවෙන් චීනයට ගෙන්වා ගැනීම කළ හැකි වෙයි.

පසුගිය දා පාලිකා කැරී ලෑම් සහ චීන බලධාරීන් අතරේ පැවැති සාකච්ඡාවක හඬ පටයක් ප්‍රසිද්ධියට පත් විය. ‘වෙන කරන්න දෙයක් නැති නම් තමන් ධුරයෙන් ඉවත් වෙනවා’ යැයි පාලිකා කැරී ලෑම් එක් අවස්ථාවක පවසයි. ඇය ඊයේ දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළේ එම සිදුවීමෙන් පසුවය. කෙසේ නමුත් එම හඬ පටය සම්බන්ධයෙන් කැරී ලෑම් කිසිවක් පවසා නැත.

හොංකොංහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS