පේරු ජනපති විස්කාරා කොංග්‍රසය විසුරුවයි



පේරු ජනාධිපති මාටින් විස්කාරා ඊයේ (30) එරට කොංග්‍රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) විසුරුවා හැරීමට පියවර ගත්තේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු කඩිනමින් මැතිවරණයකට යෑමට තමන් පියවර ගන්නා බව ජනාධිපතිවරයා රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් පැහැදිලි කළේය. මහ මැතිවරණය ලබන 2020 ජනවාරි 26 වැනිදා පැවැත්වීමට කටයුතු කරන බව ද ජනාධිපති මාටින් විස්කාරා පැවැසීය.

ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන පේරු රටේ දේශපාලන අර්බුදයක් හටගත්තේ, ජනාධිපති මාටින් විස්කාරා, දූෂණ වංචා පිටුදැකීම සඳහා පත් කළ විනිසුරුවරුන්, පේරු සෙනෙට් මණ්ඩලය ඔවුන්ගේ බලතල යොදා ගනිමින් එම තනතුරුවලින් ඉවත් කිරීම නිසාය. සෙනෙට් මණ්ඩලය එම තනතුරු සඳහා නව විනිසුරුවරුන් පත් කළේය.

පේරු පාර්ලිමේන්තුව සෙනෙට් මණ්ඩලය සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ලෙස කොටස් දෙකකි. සෙනෙට් මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ප්‍රතිවාදී විපක්ෂය සතුවය.

ලීමා නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS