පිලීපිනයට බලපා ඇති කුණාටුව තත්වය මැනිලා අගනුවර වෙත ?



මැනිලාහිදීය (රොයිටර්)

පිලීපිනයට බලපා ඇති නොක් ටෙන් නැමැති ප්‍රබල කුණාටුව මැනිලා අගනුවර වෙත ගමන් කරමින් තිබෙන බව විදෙස් මාධ්‍යය අද (26) වාර්තා කළේය.

නොක් ටෙන් කුණාටුව ජනාකීර්ණ මැනිලා අගනුවරට අද (26) සවස් වනවිට ළඟා වනු ඇතැයි එරට බලධාරීහූ ප්‍රකාශ කළහ.

එමෙන්ම ඔවුහු ඉහළ අනතුරු ඇඟවීම් ද නිකුත් කළහ. 

ඉරිදා දිනයේදී කුණාටුව නැගෙනහිර වෙරළ තීරයට කඩා වැදුණු අතර එහි ප්‍රබලත්වය ක්‍රමයෙන් අඩු වුවද නැවතත් එහි ප්‍රබලත්වය වැඩි වූ බවත් සුළඟේ වේගය පැයට කිලෝමීටර 140ක් යැයි ද පිලිපීන කාලගුණ නිලධාරීහූ පැවැසූහ.  

කුණාටුවෙන් අද (26) සවස් වනවිට පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වූහ. කුණාටුවෙන් විදුලිය විසන්ධි වීම් මෙන්ම ගස් කඩා වැටීම් ද වාර්තා වූ බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණි. 

ප්‍රබල සුළං, නායයෑම්, ධාරණිපාත වර්ෂා සහ ගංවතුර තත්ත්ව බලපොරොත්තු විය හැකි බව ද පිලිපීන කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබිණි. 

දැනටමත් සහනාධාර සැපයීම් ආරම්භ කර ඇති බවත් මාර්ග පිරිසුදු කර ගමනාගමනයට අවශ්‍ය වන පරිදි පිළිසකර කිරීම් ආරම්භ කර ඇති බවත් මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් පිලිපීන බලධාරීහූ පැවැසූහ. 

ඉදිරි පැය 24 දී මිලියනයකට ආසන්න පිරිසකට නවාතැන් පහසුකම් අවශ්‍ය බව ‘සේව් ද චිල්ඩ්‍රන්’ සංවිධානය උපුටා දක්වමින් බී.බී.සි පුවත් සේවය වාර්තා කර තිබිණි. 

පිලිපීනයට 20-13 වසරේ දී බල පෑ හයියාන් කුණාටුවෙන් 7,350කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. 

 


RECOMMEND POSTS