පැහැරගත් විදේශිකයන් මුදා ගැනෙයි



ඉස්ලාමීය සන්නද්ධ කල්ලියක් විසින් බුර්කිනා ෆාසෝ හිදී පැහැර ගනු ලැබූ විදේශිකයන් සිවු දෙනකු බේරා ගැනීමට ප්‍රංශ හමුදාව සමත් විය.

බුර්කිනා ෆාසෝ යනු අප්‍රිකා රාජ්‍යයකි. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ට සහාය දක්වන ඉස්ලාමීය කල්ලි මෙරට ක්‍රියාත්මක වෙයි.

ඔවුන් පැහැරගෙන ප්‍රාණ ඇපයේ තබා ගත්තේ ප්‍රංශ සංචාරකයන් දෙදෙනකු ඇමෙරිකන් සහ දකුණු කොරියානු කාන්තාවන් දෙදෙනකි. පිරිස මුදා ගැනීමේ මෙහෙයුම රහසේ කඩිනමින් සිදුවිය. ඒ, ඇමෙරිකානු ආරක්ෂක අංශ ලබා දුන් උපදෙස් අනුව යැයි ද පැවැසෙයි.

මෙහෙයුමේදී ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ තිප්පොලට කඩා වැදී ඔවුන් සමඟ සටන් කර ප්‍රාණ ඇපකරුවන් නිරුපද්‍රිතව මුදා ගැනීමට ප්‍රංශ හමුදාව සමත්විය. කෙසේ නමුත් මෙහෙයුමට සම්බන්ධ වූ ප්‍රංශ සෙබළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS