පාප් වහන්සේ සහ ලොව බුද්ධිමත්ම මිනිසා අතර හමුවක්



දැනට ලොව සිටිනා බුද්ධිමත්ම මිනිසා වන Stephen Hawking සහ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අතර හමුවක් පසුගියදා වතිකානුවේදී සිදුවුනා.

ලෝකයේ සිටින විද්‍යාඥයන්ගේ සමුළුවක් පසුගියදා වතිකානුවේදී පැවැත් වූ අතර ඒ  අතර තුර මෙම හමුවීම සිදුව තිබෙනවා.

ෆ්රැන්සිස් පාප් වහන්සේ Stephen Hawking හමුවේ පවසා ඇත්තේ තමන් Stephen Hawking හමුවීමට කැමැත්තෙන් සිටි බවයි.

දේශපාලඥයන්, ආර්ථික විද්වතුන් වැනි  පුද්ගලයන්ට වඩා විද්‍යාඥයන් ලෝකයේ සමතුලිත තාවයට බෙහෙවින් ඉවහල්වන බව පාප් වහන්සේ එහිදී කියාසිටියා.

මෙම සමුළුව සදහා ලෝකයේ සිටින විද්‍යාඥයන් විශාල පිරිසක් සහභාගී වී සිටි අතර එහිදී වැදහත් කරුණු ගණනාවක් පිළිබදව සාකච්ඡා කර තිබෙනවා.

 

( තිළිණි ද සිල්වා )

ද ගාඩියන් ඇසුරෙනි........


RECOMMEND POSTS