පාප්තුමෝ ජපන් අධිරාජ්‍යයා හමුවෙති
ජපානයට පැමිණ සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් සහ ජපානයේ නොරිහිතෝ අධිරාජ්‍යයා අතර හමුවක් ටෝකියෝ රජ මාලිගයේ දී පැවැත්විණි
නරුහිතෝ අධිරාජ්‍යයා එම ධුරයට පත් වූයේ මීට මාස කීපයකට පෙරය. පාප්තුමන් සහ නරුහිතෝ අධිරාජ්‍යයා අතර හමුවක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙය විය.
ටෝකියෝ අගනුවර ඩෝම් ක්‍රීඩාංගනයේ කතෝලික ප්‍රජාව වෙනුවෙන් පාප්තුමන්ගේ ප්‍රධානත්වයෙන් දේව මෙහෙය පැවැත්වීම ඉන්පසු සිදුවිය. දහස් ගණනක් කතෝලික වැසියෝ මෙම දේව මෙහෙයට එක් වූහ.
ටෝකියෝවේදීය (ඒ.එෆ්.පී.)