පාකිස්තාන හින්දු කෝවිල යළි ඇරේ
පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ සියල්කොත් නුවර, වසර 72 ක් තිස්සේ මුද්‍රා තබා වසන ලද හින්දු කෝවිල යළි විවෘත කිරීමට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් තීරණය කර ඇත.
ෂවාලා තේජා සිං නමැති මෙම හින්දු කෝවිල වසර 1,000 ක් පැරැණිය. ඉන්දියාවත් පාකිස්තානයත් දෙකඩ වෙද්දී, මෙම කෝවිල වසා දැමුණු බව පැවැසෙයි.
හින්දු කෝවිල යළි බැතිමතුන් වෙනුවෙන් විවෘත කිරීමට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් තීරණය පැසැසුමට ලක් වී ඇති බව ද ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
(එන්.ඩී.ටීවී)