පාකිස්තාන ගුවන් අනතුරකින් 40ක් මරුට




 

පාකිස්තාන ජාතික ගුවන් සේවයට අයත්, අභයන්තර ගුවන් යානාවක් අනතුරට පත්වී කඩා වැටීමෙන් එහි සිටි 47 දෙනාම ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.
ගුවන් යානා අංක පී.කේ. 661 නමැති එම කුඩා ප්‍රමාණයේ යානය කඩා වැටී ඇත්තේ කයිබර් පක්තුන්ක්වා ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයටය. යානය සොයා කඩිනමින් සෝදිසි මෙහෙයුම් ආරම්භ විය.
යානයේ සුන්බුන් සොයා ගැනීමට හැකිවුණු බවත්, යානයේ සිටි සියල්ලන්ම ජීවිතක්ෂයට පත්වුණු බවත් පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේය. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
පාකිස්තානයේ ජනප්‍රිය පොප් ගායකයකු මෙන්ම පසුව ආගමික නායකයතු බවට ද පත් වුණු ජුනයිද් ජම්ෂෙද් ද යානයේ සිට ඇති බව වාර්තා වේ.


RECOMMEND POSTS