පාකිස්තාන අගමැති ඉම්රාන් චීන ජනාධිපති හමුවෙයි



චීනයේ නිල සංචාරයක් සඳහා පැමිණි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර හමුවක් බීජීං අගනුවරදී පැවැත්විණි.

පාකිස්තාන අගමැතිවරයා චීනයේ බීජිං බලා පැමිණියේ චීනය විසින් සංවිධානය කරනු ලබන ‘එක් තීරයක් සහ එක් මාවතක්’ යන නමින් නම් කළ චීන ආර්ථික සහ ආයෝජන සමුළුවට සහභාගී වීම සඳහාය.

සමුළුවට සමගාමීව කලාපීය අර්බුද සම්බන්ධයෙන් ද පාකිස්තාන අගමැතිවරයාගේත් චීන ජනාධිපතිවරයාගේත් අවධානය යොමු විය. පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ එල්ල වුණු අයි.එස් ප්‍රහාරය සම්බන්ධයෙන් ද නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡාවට බඳුන් විය.

ඉන්දියාවත් පාකිස්තානයත් අතර සාමය ඇති කිරීමට අගමැති ඉම්රාන් සූදානමින් සිටී. ඉන්දීය මැතිවරණයෙන් යළි නරේන්ද්‍ර මෝදි අගමැති ධුරයට පත්වුවහොත් ඉන්දු පාකිස්තාන සාම කතා කඩිනමින් ආරම්භ කරන බව චීන ජනාධිපති හමුවේ පාකිස්තාන අගමැතිවරයා පැහැදිලි කළේය.

බීජීංහිදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS