පාකිස්තාන අගමැති ඉම්රාන්ගෙන් ශතකයක්
හිටපු ක්‍රිකට් සුපිරි තරුවක් වන ඉම්රාන් ඛාන් පාකිස්තාන අගමැති ධුරයට පත් වී, දින 100 ක් ගතවී ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි.
ඉම්රාන් ඛාන් පාකිස්තාන අගමැති ධුරයට පත් වූයේ ආර්ථිකමය වශයෙන් පාකිස්තානය අර්බුදුයකට මුහුණ පා සිටිද්දීය. රජයේ වියදම් විශාල වශයෙන් කප්පාදු කිරීමට අගමැති ඉම්රාන් පියවර ගත්තේය.
චීනය සමඟ යහපත් සබඳතා පැවැත්වීමටත්, සෞදි අරාබියෙන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් මුදල් ආධාර ලබා ගැනීමටත්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමු වී, ඇමෙරිකාවත් පාකිස්තානයත් අතර පළුදු වූ සබඳතා යළි ශක්තිමත් තර ගැනීමටත් අගමැති ඉම්රාන් සමත් විය.
ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්ස්)