පාකිස්තානයට වතුර කපන්න ඉන්දියාව සැරැසෙයි
ඉන්දියාවත් අසල්වැසි පාකිස්තානයත් අතර පවතින අර්බුදකාරී තත්ත්වය දිග්ගැසෙද්දී, ඉන්දීය අගමැති මෝදි ඊයේ (25) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, ඉන්දියාවෙන් පාකිස්තානයට ලැබෙන ජල සැපැයුම නැවැත්වීමට පවා තම රජය පසුබට නොවන බවය.
ඉන්දියාවත් පාකිස්තානයත් අතර දේශසීමා අර්බුදයක් පවතී. එය පසුගිය සැප්තැම්බරයේ සිට උත්සන්න විය. ඒ, ඉන්දු කාශ්මීරයේ ඉන්දීය හමුදා කඳවුරකට පාකිස්තාන බෙදුම්වාදී ත්රස්තවාදීන් කඩා වැදී ඉන්දීය සොල්දාදුවන් 19 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසුවය.
ඉන්දියාවත් පාකිස්තානයත් න්‍යෂ්ටික බලය සහිත රාජ්‍යයන් දෙකකි. ජගත් දේශපාලන විශ්ලේෂකයන් බිය පළ කරන්නේ දෙරට අතර න්‍යෂ්ටික යුද්ධයක් හට ගනීවි කියාය.
ඉන්දියාව දෙසින් පාකිස්තානයට ගංගා කිහිපයක් ආරම්භ වෙයි. පාකිස්තානයෙන් දිගින් දිගටම ඉන්දියාවට සිදුවන කෙණෙහිලිකම් සැළකිල්ලට ගෙන, එම ගංගා හරස් කිරීමටත් පාකිස්තානයට ලැබෙන ජලය නැවැත්වීමටත් පියවර ගන්නවා යැයි අගමැති මෝදි අනතුරු අඟවා ඇත.