පකිස්තානයේ හෝටල් ගින්නකින් 11ක් මරුට- 75කට තුවාල
පකිස්ථානයේ කරච්චි නුවර සුඛෝපභෝගී හෝටලයක ඊයේ (05) ඇතිවූ හදිසි ගින්නකින් එම හෝටලයේ සිටි පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තවත් 75 දෙනෙක් තුවාල ලබා ඇතැයි වාර්තාවේ.
මෙලෙස හදිසි ගින්නක් හට ගෙන ඇත්තේ කරච්චි අගනුවර පිහිටි රීජන්ට් ප්ලාසා හෝටලයේ බිම් මහලේ මුළුතැන්ගෙයි හටගත් ගින්නක් පැතීරීමත් සමඟය.පසුව එය මුළු හෝටල් ගොඩනැගිල්ලේම පැතීරී ගොස් ඇතැයි සඳහන්ය.මේ අතර හෝටලයේ සිව්වැනි මහලේ සිටි පිරිසක් ඇඳ ඇතිරිලි එක්කොට කඹයක් ආකාරයට සකස් කොට ඒ ඔස්සේ පහළට ආ බවද නියැවේ.
ශ්වසාන ආබාධ හේතුවෙන් මිය ගිය පුද්ගලයින් එකොළොස් දෙනගෛන් සිව් දෙනෙකුම කාන්තාවන් වන බැව් පැවසේ. ගින්න ඇතිවූ අවස්ථාවේ බියට පත් පූ හෝටලයේ පිරිස් එහි උඩු මහල් වලින් බිමට පැනීම හේතුවෙන් තුවාල ලැබූවන් වාර්තා වන බව කියා සිටී.එලෙස මිය ගිය හා තුවාල ලැබූවන් අතර විදේශීකයින්ද වන බැව් පැවසේ.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වූ කරච්චි නගරාධිපති වසීම් අක්තාර් කියා සිටියේ සුඛෝපභෝගී හෝටලයක් වුවද එහි හදිසි පිටවීමේ දොරටුවක් තිබී නොමැති බව පොලීසිය විසින් සිදු කළ මූලික පරීක්ෂණ වලදී හෙලි වූ බවය.එසේම ගින්න ඇති වී පැය තුනක් ගතවීමෙන් පසුව ඇතිවූ හදිසි තත්ත්වය මැඩ පැවැත්වීමට කරච්චි පොලීසිය සමත් වී ඇත.
(තිළිණි ද සිල්වා )
කලීජ් ටයිම්ස් ඇසුරෙනි......