නාසා අඟහරු මෙහෙයුමේ දත්ත සොරකම් කරලා
ඇමෙරිකාවේ නාසා ආයතනය සතු ඔවුන්ගේ අඟහරු මෙහෙයුම්වලට අදාල දත්ත පරිගණක හැකර්වරුන් (කඩාකප්පල්කාරී ක්‍රියා කරන පරිගණක දත්ත සොරුන්) විසින් සොරකම් කරනු ලැබ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මේ බව ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ ද නාසා ආයතනයයි. නාසා ආයතනයේ පරිගණක ජාලයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදීය.
එම සයිබර් ප්‍රහාරය හරහා සොරකම් කෙරුණු දත්ත අතර, අඟහරු මෙහෙයුමට අදාල දත්ත ඇතැයි අනාවරණය වූයේ මීට දින කීපයකට පෙරදී යැයි නාසා ආයතනය පැහැදිලි කර තිබේ.
ඇමෙරිකා නාසා ආයතනය 2033 න් පසු, මිනිසුන් අඟහරු වෙත යැවීමට සූදානමින් සිටී. එය ඉතා අසීරු මෙහෙයුමක් බව ද නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති.
(රොයිටර්ස්)