න්‍යෂ්ටික අවිහරණ කටයුතු කළා
පොරොන්දු වූ පරිදි න්‍යෂ්ටික අවිහරණ කටයුතු සිදු කර ඇති නමුත් ට්‍රම්ප් පරිපාලනය ඒ ගැන තැකීමක් නොකර, තමන්ට දිගින් දිගටම බලපෑම් එල්ල කරනවා යැයි උතුරු කොරියාව කියයි.
උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර අවස්ථා තුනකදී මුහුණට මුහුණ හමුවිය. ඒ, උතුරු කොරියා නායකයා සාමයට කැමැත්ත පළ කිරීමත්, උතුරු කොරියාව න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමටත් තීරණය කළ බැවිනි.
පොරොනදු වූ පරිදි මෙම වසර අවසන් වනවිට න්‍යෂ්ටික අවිහරණ කටයුතු සිදු කරමින් පවතින නමුත් ට්‍රම්ප් පරිපාලනය එම කටයුතු කෙරෙහි සැලකිල්ලක් නොදක්වන බවත්, ට්‍රම්ප් පරිපාලනය ඒ ගැන ඔවුන්ගේ තැකීමක් නොකරන බවත් පෙනී වන්නේ යැයි උතුරු කොරියානු රජය කළ නිවේදනයක දැක්වෙයි.
එසේ තැකීමක් නොකරන්නේ නම් මින් ඉදිරියට න්‍යෂ්ටික අවිහරණට සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම අනවශ්‍ය බවත්, ඇමෙරිකාව සමඟ ගනුදෙනු සියල්ල අවසන් කිරීමට සිදුවනු ඇති බවත් උතුරු කොරියාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
සෝල්හිදීය (ඒ.එෆ්.පී.)