නවාස් ෂරීෆ්ට ඇප



දූෂණ චෝදනාවලට වැරැදිකරු වී සිර දඬුවම් විඳිමින් සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට ඇප ලබාදීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

මේ අනුව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා සති හයක කාලයක් දීමට පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. වත්කම් හෙළිදරවු කිරීමට නොහැකි වීම හා දූෂණ චෝදනාවලට වැරැදිකරු වීම නිසා හිටපු අගමැතිවරයාට හත් වසරක සිර දඬුවමක් නියම විය. තමන් කිසිදු වරදක් කර නැති බව ප්‍රකාශ කරන හිටපු අගමැතිවරයා ඔහුට එරෙහිව දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් අභියාචනයක් ද ඉදිරිපත් කර ඇත.

හැට නව හැවිරිදි වියේ පසුවන පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් හදවතේ රෝගී තත්ත්වයකින් සහ වකුගඩු රෝගී තත්ත්වයකින් පෙළෙන බව වාර්තා වේ.

ඇප කාලය අවසන් වූ වහාම හිටපු අගමැතිවරයා බන්ධනාගාර බලධාරීන් වෙත පැමිණිය යුතු බවත් රටින් පිටවීමට කිසිදු අවසරයක් නොමැති බවත් ඇප ලබාදෙමින් පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු අගමැතිවරයාගේ නීතීඥයන්ට දැන්වීය. 

බී.බී.සී. ඇසුරිනි 


RECOMMEND POSTS