නයිජීරියාවේ දේවස්ථානයක වහලය කඩා වැටී 160 ක් මියයති
(රොයිටර්)
අප්‍රිකානු රාජ්‍යයක් වන නයිජීරියාවේ කිතුනු දේවස්ථානයක වහලය කඩා වැටීමෙන් දේවස්ථානයේ සිටි 160 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි.
මෙම දේවස්ථානය පිහිටා ඇත්තේ අක්වා ඉබෝම් නමැති පළාතේ යුයෝ නමැති නගරයේය. එහි දේව මෙහෙයක් පැවැත්වුණු අතර එම අවස්ථාවේදී ද දේවස්ථානයේ වහලය අලුත්වැඩියා කරමින් තිබුණි.
මියගිය පිරිස අතර දේවස්ථානයට පැමිණි බැතිමතුන්ට අමතරව, ඉදිකිරීමේ සේවකයෝ ද සිටිති. සුන්බුන් ඉවත් කරමින් තුවාල ලැබූ 30 දෙනෙකු බේරා ගත් බවත් ඔවුන් කඩිනමින් රෝහල් ගත කළ බවත් වාර්තා වේ.