නඩු තීන්දුව ප්‍රකාශ කර හිසට වෙඩි තබා ගනී



නඩු තීන්දුවක් ප්‍රකාශයට පත කරමින්, නීතියේ ස්වාධීනත්වය පිළිබඳ දේශනයක් ද පැවැත්වූ විනිසුරුවරයකු අධිකරණ ශාලාව තුළදී හිසට වෙඩි තබා ගැනීමේ සිදුවීමක් තායිලන්තයෙන් වාර්තා වේ.

හිසට වෙඩි තබා ගත්තේ දකුණුදිග තායිලන්තයේ යාලා අධිකරණයේ විනිසුරු කනක්රෝන් පියන්චානා ය. දකුණුදිග තායිලන්තය මුස්ලිම් අන්තවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා බහුලය. පසුගිය සිකුරාදා දිනයේ මිනීමරුමක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ මුස්ලිම් වැසියන් පස් දෙනකුට දඬුවම් ලබා දීම විනිසුරුවරයා කටයුතු කළේය.

කෙසේ නමුත් නීතීඥවරුන් ඉදිරිපත් කළ සාක්ෂි අනුව විනිසුරුවරයා එම පස්දෙනා වරදකරුවන් කළේ අකමැත්තකින් යැයි තීන්දුව ලබා දීමෙන් පසු ඔහු කළ දේශනයෙන් පැහැදිලි විය.

‘කෙනකුට දඬුවම් කරන්න පැහැදිලි, පිළිගත හැකි පැහැදිලි සාක්ෂි තිබිය යුතුයි. නීතිය කාටත් පොදු විය යුතුයි. එසේ නොවුණොත් නිවැරදිකරුවන් වැරදිකරුවන් බවට පත්වෙනවා’ විනිසුරුවරයා අවසන් වශයෙන් මෙසේ පවසා, ලෝගුව තුළ සඟවා සිටි පිස්තෝලය අතට ගෙන සියල්ලන්ම ඉදිරියේ හිසට වෙඩි තබා ගත්තේය.

ආරක්ෂක නිලධාරීන් සහ සෙසු පිරිස වහා විනිසුරුවරයා රෝහල් ගත කළ අතර ඔහුට කඩිනමින් ප්‍රතිකාර ලැබුණි. වෛද්‍යවරුන් පවසා ඇත්තේ විනිසුරුවරයාගේ තත්ත්වය බරපතල නොවන බවය.

බැංකොක්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS