දකුණු කොරියාවේ ගොඩනැගිලි ඉවත් කරන්න
දකුණු කොරියානුවන් උතුරු කොරියාවේ ඉදිකළ හෝටල් ඇතුළු සියලු ගොඩනැගිලි කඩා ඉවත් කරන්නැයි උතුරු කොරියා නායක කිම් ජොන් උන් නියෝග කර ඇතැයි වාර්තා වේ.
නායක කිම් ජොන් උන් පවසා ඇත්තේ එම ගොඩනැගිලි නිසි ප්රමිතියකට අනුව ඉදිකර නැති බවය. ඊට අමතරව, අන්තර් කොරියා සහයෝගීතාව සංඛේතවත් කරමින්, උතුරු කොරියාවේ ඉදිකළ දකුණු කොරියා නිවාඩු නිකේතනය ද කඩා විනාශ කරන්නැයි උතුරු කොරියා නායකයා නියෝග කර ඇතැයි පැවැසෙයි.
උතුරු කොරියා නායක කිම් ජොන් උන් ට හිටිහැටියේ, දකුණු කොරියා ගොඩනැගිලිවල ප්රමිතිය ගැන මතක් වී ඇත්තේ, දෙරට අතර පවතින මතභේද හේතුවෙන් යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
සෝල්හිදීය (ඒ.එෆ්.පී.)