තුවාලකරුවන්ගේ සුවදුක් විමසන්න ට්‍රම්ප් යයි



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා ඉකුත් සති අන්තතයේ වෙඩි තැබීම් සිදුවුණු ටෙක්සාස් ජනපදයේ, එල් පාසෝ නුවර සහ ඔහියෝ ජනපදයේ ඬේටන් නුවර සංචාරය නියැලුණාහ.

එම වෙඩි තැබීම්වලින් 29 ක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 40 කි. වෙඩි තැබීම්වලින් මියගිය පුද්ගලයන් වෙනුවෙන් සොව පළ කිරීමටත් තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසා බැලීමටත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ආර්යා මෙලිනියා ට්‍රම්ප් කටයුතු කළ බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මේ අතර, සිදුවුණු එම වෙඩි තැබීම් හේතුවෙන් ඇමෙරිකාවේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන්නැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. වෙඩි තැබීම් කළේ සුදු අන්තවාදී තරුණයන් දෙදෙනෙකි. තමන් වෙඩි තැබීම් කළේ ඇමෙරිකාව ආක්‍රමණය කරන සුළු ජාතික සංක්‍රමණිකයන්ට විරෝධය දැක්වීමක් ලෙස යැයි ඔවුන් දෙදෙනා වෙඩි තැබීම් සිදු කිරීමට පෙර පවසා ඇත.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS