ඩොරියන් පුවර්ටෝ රීකෝ කලඹයි
‘ඩොරියන්’ යන නමින් කාලගුණ විද්‍යාඥයන් විසින් නම් කරනු ලැබූ ප්රචණ්ඩ සුළි කුණාටුව පුවර්ටෝ රීකෝ සහ ඩොමිනිකන් ජනරජය හරහා හමා ගියේය.
පුවර්ටෝ රීකෝ සහ ඩොමිනිකන් ජනරජය කැරිබියානු දූපත්ය. පුවර්ටෝ රීකෝ ඇමෙරිකාවේ පාලනයට යටතේ පවතින ස්වයං පාලන ප්රදේශයකි.
පුවර්ටෝ රීකෝ නව ආණ්ඩුකාරවරිය වොන්ඩා වැස්කේස් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළ අතර අනතුරුදායක ස්ථානවල සිටින වැසියන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට උපදෙස් ලබා දී ඇතැයි ද වාර්තා වේ.
සැන් යුවාන් (රොයිටර්ස්)