ට්‍රම්ප් වාර්තාව ප්‍රසිද්ධියට පත් කළ යුතුයි
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් රුසියාව සමඟ එක් වී කුමන්ත්‍රණය කළැයි යන චෝදනා සම්බන්ධයෙන් ඇමෙරිකන් නීතීඥ රොබට් මියුලර් ප්රමුඛ විශේෂ පරීක්ෂණ කණ්ඩායම සැකැසූ වාර්තාව ප්‍රසිද්ධියට පත් කළ යුතු යැයි ප්‍රතිවාදී ඩිමොක්රටික් පක්ෂය ඉල්ලීමක් කර තිබේ.
රොබට් මියුලර් ප්රමුඛ කණ්ඩායම සකස් කළ එම වාර්තාවෙන් කොටස් කීපයක් පමණක් පසුගියදා ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට සහ සෙනෙට් මණ්ඩලයට (පාර්ලිමේන්තුවට) ඉදිරිපත් කෙරුණු අතර, එම කරුණු අනුව එල්ල වන සියලු චෝදනාවලින් ජනපති ට්‍රම්ප් නිදොස් විය.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ප්‍රතිවාදී ඩිමොක්රටික් පාක්ෂය සතුවය. ඔවුන් දිගින් දිගටම චෝදනා කර ඇත්තේ මියුලර් වාර්තාවේ ඇතැම් කරුණු කාරණා සැඟවීමට උත්සහ ගෙන ඇති බවටය.
ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් ධුර කාල දෙකක් සම්පූර්ණ කර ඇති අතර, ඉදිරියේ දී ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිකය. එහිදී ට්‍රම්ප් පරාජයට පත් කිරීමට නම්, ඒ සඳහා ඩිමොක්රටික් පාක්ෂිකයන්ට යොදා ගත හැකි ප්රබලතම අවිය වන්නේ රුසියාව සම්බන්ධයෙන් එල්ල වී ඇති මෙම චෝදනා යැයි චේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මියුලර් වාර්තාව සම්පූර්ණයෙන් ජනතාවට ඉදිරිපත් කළ යුතු යැයි ඩිමොක්රටික් මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමට ඇමෙරිකන් නීතිපතිවරයා අවසර ලබා දී ඇති බව ද ඇමෙරිකන් මාධ්‍ය පෙන්වා දෙයි. ඒ අනුව, තව නොබෝ දිනකින් එම වාර්තාවක ප්‍රසිද්ධියට නියමිත බව ද පැවැසෙයි. ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බව නීතිපතිවරයා වැඩි දුරටත් පවසා ඇත.
කෙසේ නමුත් මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් සිය අප්‍රසාදය පළ කර ඇත. ජනපතිවරයා කොංග්‍රසයට යෝජනා කරමින් පවසා ඇත්තේ නිර්දෝෂී පුද්ගලයකු වන තමාට එරෙහිව ‘මඩ ගැසීමට’ කොංග්‍රසය උත්සාහ කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවය. තමන්ට දිගින් දිගටම ‘මඩ ගසන්න’ උත්සාහ ගන්නා පුද්ගලයන්ට එරෙහිව නීතිමගින් ක්‍රියා කිරීමට කටයුතු කරන බව ද ට්‍රම්ප් සඳහන් කර තිබේ.
වොෂින්ටනයේදීය (රොයිටර්ස්)